හෙළකුරු Superapp එකේ නව Ride-Hailing සේවාව


සිංහල යතුරුපුවරුවක් ලෙස ඇරඹි හෙළකුරු, මේ වන විට මිලියන 4.4 කට අදික පිරිසක් එදිනෙදා සැරිසරන ඩිජිටල් වේදිකාවක් බවට පත් ව ඇති අතරම මෙරට ඇප් එකක් සතු විශාලතම ඩිජිටල් ප්‍රේක්ෂකයින්ගෙන් සමන්විත වන්නේද හෙළකුරු ය.


එසේ රැස්වී ඇති සුවිසල් ජනතාව අතර සිටින, නොයෙකුත් අවශ්‍යතා ඇති සහ එම අවශ්‍යතා සපුරාලීමේ හැකියාව ඇති මිනිසුන් එකිනෙකට මුණගැස්වීමටත්, ඔවුන් දෙපිරිසටම ප්‍රයෝජනවත් දෑ කාර්යක්ෂමව ඉටුකරගැනීම සඳහා පහසුකම් සැලසීමටත්, හෙළකුර වෙත හැකියාව ඇති බව ඔවුන් පවසයි.


ඒ අනුව, එම හැකියාව යොදාගනිමින් හෙළකුරු භාවිතා කරන ප්‍රවාහන පහසුකම් සැපයිය හැකි පිරිස් සහ ප්‍රවාහන පහසුකම් ලබාගැනීමේ අවශ්‍යතාවය ඇති පිරිස් වෙනුවෙන් මෙම Helago නම් ප්‍රවාහන සේවාව හඳුන්වා දීමට කටයුතු කර ඇත.


ලංකාවේ ride-hailing ප්‍රවාහන සේවා සඳහා දැනට පවතින මොහොතින් මොහොත වෙනස්වෙන පාලන මිලකට යටත් නොවී සැමට සාධාරණ විවෘත මිලක් පැවතිය යුතු බව හෙළකුරුහි විශ්වාසයයි.


ඒ සඳහා නව්‍ය පෙරළිකාර විසඳුමක් සහිතව, ride-hailing ප්‍රවාහන ක්ෂේත්‍රයේ නැවුම් වෙනසක් ඇති කරන්න Helago සූදානමින් සිටියි.


ඒ අනුව අද සිට ප්‍රවාහන පහසුකම් සැපයීමේ හැකියාව ඇති රියදුරු මහතුන්හට හෙළකුරු Superapp එක හරහා Helago සමඟ ලියාපදිංචි වීමේ අවස්ථාව හිමි වෙයි.


Helago හි විශේෂත්වයදේශීයව නිර්මාණය වූ App එකක් ලෙසින් හඳුන්වයි.
පාලන මිලකට යටත් නොවී, සාධාරණව කටයුතු කරයි.


රියදුරන් හා පාරිභෝගිකයින් අතර සෘජු සම්බන්ධතාවයක් සදහන් කරයි.
හෙළකුරු භාවිතා කරන සෑම කෙනෙකුටම මෙය පහසුවෙන් ලැබේ.

රියදුරන්ට අවස්ථාවක්

Helago සමඟ එක්වීමට කැමති රියදුරන්ට දැන් Superapp එක හරහා ලියාපදිංචි වීමේ හැකියාව ඇත. මෙය ඔවුන්ට නව ආදායම් මාර්ගයක් විවෘත කරයි.

Previous Post Next Post